අනුවාද
![]() |
| ඡායාරූපය - Philippe Halsman |
ස්වභාවික මරණයකින් හෝ ස්වභාවික අසනීපයකින්
මේ සියල්ල සිදුවීම පිළිගත හැකි ය. ස්වභාව ධර්මයට පිටතින් ගොස් අප ජීවත් වන සමාජයේ කෲර
පාලකයන්ගේ වුවමනාවකට මෙය සිදු වුවහොත් එය අතිශය භයානක තත්ත්වයකි.
පරණ බ්ලොග් අඩවි ටික නැවත යාවත්කාලීන
කරන්නටත් අලුත් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නට මට හිතුණේ ඊයේ පෙරේදා දිනක මිතුරන් සමඟ
ඕපන්හයිමර්
(Oppenheimer) බලන්නට ගිය දවසේ
ය.
චිත්‍රපටය බලන අවස්ථාවේදීත් ඉන් පසුවත්
බ්ලොග් අඩවියේ අදහස මට ඇවිත් තිබිණි. එක් මිතුරකු සමඟ නැවත බෝඩිමට යද්දී ද අප දෙදෙනාගේ
කතාවේ දී ඒ ගැන මට නැවතත් ඇති ව තිබිණි.
චිත්‍රපටය බලමින් සිටියදී ම බ්ලොග් අඩවියේ
නම ‘අනුවාද’ විය යුතු යැයි මම තීරණය කළෙමි. ඒ අන් කිසිවක් නිසා නොව එහි වචනාර්ථය මුල්
කරගනිමිනි.
පත්තර රස්සාව කරන කාලයේ බොහෝ විට මා පරිවර්තන
පමණක් නොව ද අනුවාද ය කළේ යැයි මම විශ්වාස කරමි.
පරිවර්තනයකදී වෙනස් වන්නේ භාෂාව පමණි.
අන් සියල්ල එසේ තිබිය යුතු ය. එහෙත් අනුවාදය ඊට වෙනස් ය. අදාළ කටයුත්තේ නිරත වන්නාට
වෙනස් කිරීමේ නිදහසක් අනුවාදයේ දී හිමි වේ.
අන්තර්ජාලය තුළ පිරික්සීමේ දී මට මේ සම්බන්ධයෙන්
සොයාගත හැකිවූයේ මෙය පමණි. පරිවර්තනය vs අනුවාදය - 1
මේ බ්ලොග් අඩවියට මුල් වූ ප්‍රධානම හේතු
වූයේ අපි දූපතක් වීම යන කාරණාව ය. එය මේ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, බොහෝ දේ සම්බන්ධයෙන්
මට සිතී ඇති කාරණයකි.
ලෝකය සම්බන්ධයෙන් අපේ ඇති ඉතා අල්ප ය.
අනෙක් අතට අප කියවන්නේ ලියන්නේ සිංහලයෙන් පමණි. සිංහල අපටත් දෙමළ අපටත් සමීප අනෙක්
භාෂාව ඉංග්‍රීසි ය. ඉංග්‍රීසියෙන් පමණක් නොව ප්‍රංශ, ජර්මානු, රුසියානු, චීන/මැන්ඩරීන්
නොව ස්පාඤ්ඤ යන භාෂාවලින් බොහෝ දේ ලියැවී ඇත.
එහෙත් අපටත් සිංහලත් බැරිය දෙමළත් බැරි
ය. ඒ අතර මැද්දට ඉංග්‍රීසිත් බැරි ය. මේ කාරණාව නිසා ම අපේ දැනුම් පද්ධතිය, අප ලෝකය
ගැන දන්නා බොහෝ දේ සීමා වී තිබේ. අප රටක් ලෙස ආකල්පමය වශයෙන් මෙන්ම බොහෝ දේවල්
සම්බන්ධයෙන් සීමාන්තික වීමටත් පටු සීමාවල සිටීමත් එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ භාෂාමය
දුර්වලතාවය යි.
අනෙක් අතට අපේ රටේ බොහෝ දෙනා අප බොහෝ
දේ දන්නවා යැයි සිතා සිටිති. එහි අනෙක් පැත්තට ම අනෙකා බොහෝ දේ නොදන්නවා යැයි ද සිතා
සිටිති.
මෙය පටන් ගැන්මේ අරමුණ හැකිතාක් පරිවර්තන
හෝ අනුවාද ඉදිරිපත් කිරීම ය. මේ සම්බන්ධයෙන් මා කොතරම් කාර්යක්ෂමවේදැයි මම නොදනිමි.
කෙසේ නමුත් හැකිතරම් ලිවීම මගේ ලාලසාව ජීවන තෘප්තියත් ඇති කරන්නක් බව මම හොඳින් දනිමි.
‘හෙට’, හෙට පස්සේ යනාදී බොහෝමයකට පසු මෙහි බ්ලොග් පළ නොවනු ඇති බවටත් හැකි තාක් සතියකට
එකක හෝ පළ කරනු ඇති බවටත් මම මා ගැන විශ්වාසය තබමි.
අනුවාදය යන්නට සරසවි - හෙළ වදන් රුවන
- සිංහල සමානාර්ථ පද කෝෂයේ මෙසේ දක්වා ඇත.
අනුවාදය = අර්ථය පැහැදිලි කිරීම, විස්තර
කථනය, අනුවර්තනය, පරිවර්තනය, පෙරළීම, අරුත් දැක්වීම...
ඊට අමතරව තවත් දක්වා ඇත.
මා මෙය ලියන්නට පටන් ගත්තේ මට ඇති එසේත්
නැතිනම් ජීවිතයේ ඇති ලොකුම බය ගැන සඳහන් කරමිනි.
මෙය ලියන මොහොතේ මා මිත්‍ර තරිඳු උඩුවරගෙදර
ඒ හා සමාන අත්දැකීමක් විඳිමින් සිටියි. ඒ අපට උරුම වී ඇති රටයි. එවන් රටක් අනාගත පරම්පරාවට
උරුම නොකිරීමේ බරපතළ වගකීමක් අප මත පැටවී තිබේ.
ඡායාරූපය -
Philippe Halsman American physicist J. Robert Oppenheimer. 1958. © Philippe Halsman | Magnum Photos

Comments
Post a Comment