මොනාද මේ මානව හිමිකම් කියන්නේ ?
![]() |
| ඡායාරූපය - |
මානව හිමිකම්
සම්බන්ධයෙන් පසුගිය දශකයක දෙකක කාලයේ දී වරින් වර තැන් තැන කතාබහ ඇතිවුණා. කොහොම
නමුත් පහුගිය අවුරුද්දේ ගාලු මුවදොරත් කේන්ද්‍ර කරගෙන තැනින් තැනත් වෙනත් තැන්වලත්
කොළඹින් පිටත් විවිධ ස්වරූප විවිධ ආකාරවලින් විරෝධතා ඇති වුණා.
කලින් කිව්වට
පසුගිය දශකයක දෙකේ දී කියලා අවුරුදු 70කට වැඩි පශ්චාත් නිදහස් ලංකාවේ මානව හිමිකම්
ගැන සෑම දශකයකදීම වගේ විවිධාකාරයෙන් කතාබහ ඇතිවෙලා තියෙනවා. කැරැලි කෝලහල, වාර්ගික
ගැටුම්, ආගමික අර්බුද ගැටුම්, මාධ්‍ය නිදහස, ආර්ථික නිදහස, දේශපාලන නිදහස, ත්‍රස්තවාදය
මේ ආදී වශයෙන් ඒ ඒ ආවේණික සිදුවීම්, විශේෂ සිදුවීම් එක්ක මානව හිමිකම් එක්ක ලොකු
කතාබහක් ඇතිවෙලා තියෙනවා.
අතුරුදන්
කරවීම් කියන්නෙත් ඒ එක මාතෘකාවක්.
ගෝඨාභය
රාජපක්ෂ මහත්තයාට බලයට ආවට පස්සේ කතාබහට ලක්වුණු විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ තිබ්බ කතාබහක්
තමයි, අපි හම්බ කළොත් අපි කනවා කියන කතාව. කොහොම නමුත් අපි හම්බ කළාට අපිට කන්න බෑ
කියන දේ කොවිඩ්-19 වසංගත කාලයේ දී අපට හොඳින් තේරුම් ගියා. ඒක හොඳටම තේරුම් ගියේ ගිය
අවුරුද්දේ ඇති වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක. ආර්ථිකය අර්බුදය ගිය අවුරුද්දේ ඇති වුණා
කිව්වට, ඒක දශක හතක කාලයක් තිස්සේ අර්බුද ගණනාවක උග්‍ර අවස්ථාවක් විනා අහම්බෙන් ඇති
වුණු දෙයක් නෙමෙයි.
ඒක හරියට
අපිට නිදහස ලැබුණේ 48 දී, 72 දී නැත්නං අපිට ඇත්තටම නිදහස් තියෙනවද වගේ කතාවක දිගුවක්
තමයි.
ඉතිං මානව
හිමිකම් තාමත් ලංකාවට අලුත් දෙයක්. ලංකාවට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවලට, බොහෝ මිනිස්සුන්ට
මානව හිමිකම් කියන්නේ ඒ තරම් දැනෙන දෙයක් නෙමෙයි. මොකද ඒක බඩගින්න වගේ දෙයක් නෙමෙයි.
මිනිස්සු බඩගිනි වුණාම, තෙල් නැති වුණාම පාරට බැස්සට මානව හිමිකම් නැතිවුණා කියලා පාරට
බහින්නේ නැහැ. එහෙම වෙනවා වෙන්නේ හරිම දුලබ විදියට. මොකද ඒක ඒ තරම් ඇඟට පතට, බඩට දැනෙන
දෙයක් නෙමෙයි නිසා.
ඒත් අපි
තේරුම් ගන්න වුවමනා ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ අපි පාරේ බැහැලා යනවා නං, නිදහසේ පාරේ
තොටේ ඇවිදිනවා නං, ෆේස්බුක් එකේ කැමැති විහිළුවක් තහළුවක් කරනවා නං, අපි කැමති රස්සාවක්
කරනවා නං, අපි දේශපාලකයෝ, දේශපාලන තන්ත්‍රය විවේචනය කරනවා නං, පාරට බැහැලා විරෝධතාවක්
කරනවා, කොටින්ම කිව්වොත් අපි හම්බ කරලා අපි කනවා නං, අපි ඒ හැමදේම කරන්නේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවෙන් මානව හිමිකම් ආරක්ෂා කරලා තියෙන නිසා. ගෝලීයව මානව හිමිකම් කියලා දෙයක්
තියෙන නිසා, සුරක්ෂිත කරලා තියෙන නිසා. මානව හිමිකම් ගැන ගෝලීයව පිළිගන්න ලේඛනයක් තියෙනවා.
අපි ඒක හඳුන්වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය කියලා.
ඒක පෘථිවියෙන්
ඔබ්බට ගිහින්, නැත්නං අපි ජීවත් වෙන මේ ලෝක ගෝලයෙන් එළියට ගිහින් විශ්වීය කියලා හඳුන්වන්නෙත්
හේතුවක් නිසා. මොකද මානව හිමිකම් කියන්නේ ගෝලීය, නැත්නං ලෝකයට වඩා ලොකු විශාල, මුළු
විශ්වයටම අයිති දෙයක් කියන අර්ථයෙන්. සරලව කිව්වොත් මානව හිමිකම් කියන්නේ ඔක්කොටම වඩා
ලොකු පුළුල්, බරපතළ සහ ඉතා වැදගත් දෙයක් නිසා.
ඉතිං මානව හිමිකම් කියන්නේ අපි හැමෝටම ඉපදෙනකොටම උරුම දෙයක්.
නෛසර්ගිකයි. ආවේණිකයි. ඒක අපි කාගෙනවත් උදුර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ලිංගිකත්වය,
ස්ත්‍රී-පුරුෂ හරි වෙනත් දෙයක් හරි, ආගම, ජාතිය, කුලය, පට, භාෂාව, අපි කරන රස්සාව මොකක්ද,
අම්මා තාත්තා කවුද, හමේ පාට, ඉන්නේ කොහෙද මේ කිසි දෙයක් බලපාන්නේ නැතිව අදාළ නැතිව
අපිට උරුම දෙයක්. කොටින්ම කිව්වොත් මේ ලෝකයට මනුස්ස පැටියෙක් ඉපදුණාම එයාට නිකංම උරුම
වෙන දෙයක්. කාටවත් ඒක උදුරගන්න බැහැ.
මේ ලෝකයට මනුස්සයෙක් ඉපදෙනවද ඒ මනුස්සයාට මානව හිමිකම් තියෙනවා.
තවත් ලිපියකින් මේ ගැන කතා කරමු.


Comments
Post a Comment